Monday, October 28, 2013
Saturday, October 12, 2013
ලේ කිරි කරලා මට පෙව් අම්මා........
දෙමාපියන්ට අපි ගොඩක් ආදරෙයි කියල දැනෙන්නේ මොන අවස්ථාවේද? මම කියන්නම් හරියටම උත්තරය, අපි අපේ අම්මටයි, තාත්තටයි ආදරෙයි කියල දැනෙන්නේ එයාල අපේ ජිවිත වලින් ඇත්තට ගියාම, දුර රටක ඉන්න කෙනෙක්ට අම්මා උයන බත් පතේ වටිනාකම කියල නිම කරන්න බැරි තරම්, ඒ වෙලාවට හිත ඇතුලෙන් අපි ගොඩක් අඩනවා නේද? අම්මගේ වටිනාකම තේරුම් යන්න එයාල අපේ ජිවිත වලින් අත් වෙලා යනකන් ඉන්න එපා, එහෙම උනොත් අපිට ජිවිත කාලෙම එයාල ගැන මතක් වෙන වාරයක් පාසා ඇඩෙනවා කියන එක පරම සත්තයක්.
ඔබට තවමත් බැරි උනානම්, ඔබේ අම්මටයි, තාත්තටයි අඩුම තරමේ වචනයකින්වත් හිතට සහනයක් දෙන්න, ඔබ ප්‍රමාද නැ, දැන්ම ඔබේ අම්මට කෝල් එකක් හරි දීල අම්මේ ඔය හොදින්ද කියලවත් අහන්න, බලන්න ඔබේ අම්මා කොච්චර සතුටු වෙයිද කියල, හරියට රටක් රාජ්ජයක් ලැබුන වගේ අම්මා සතුටු වෙයි. අම්මල, තාත්තලාගේ වටිනාකම තේරෙන්න, දැනෙන්න අපිත් කවදාහරි ඒ තත්වෙට පත්වෙන්න ඕනේ, එදාට ඔබට දැනෙයි මගේ අම්මා තාත්තාත් මේ වගේ මන් වෙනුවෙන් කොච්චර විදවන්න ඇතිද කියල. පරක්කු නැ දැන්ම අම්මා තාත්තාට ආදරේ කරන්න, ඔවුන් ගැන හිතන්න පටන් ගන්න...........
Friday, October 11, 2013
ඔබ මා අසලින් සිටින නිසා
ඔබ මා අසලින් සිටින නිසා
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි //
සමිදුනේ ඔබ මා - බලකොටුව වේ //
සමිදුනේ ඔබ මා - පර්වතය වේ //
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි //
සමිදුනේ ඔබ මා - ගැලවීම වේ //
සමිදුනේ ඔබ මා - රැකවරණ වේ //
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි //
ඔබ තනි වෙලා, අසරණවෙලා ඉන්න වෙලාවක මේ ගීතිකාව හිතින් මුමුනන්න, නැත්තම් කෑ ගහල කියන්න, ඔබට හිතට පිරුණු බවක් දැනෙයි, ජේසු ළඟ ඉන්නවා වගේ දැනෙයි. ප්‍රශ්න, දුක්, කම්කටොළු ආපු වෙලාවට බලි තොවිල්, හදි හූනියම් කරන්න ඕනේ නැ, අපිට ජේසු ඉන්නවා, ඒ විශ්වාසය මත ඉන්න, ජේසු අපිව දල යන්නේ නැ කවදාවත්, ඔබ දුර රටක අම්මා, තාත්තා කවුරුවත් නැතිව තනි වෙලා ඉන්න වෙලාවට මේ ගීතිකාව කියල ජේසුට කතා කරන්න, ඔබේ ඇස දෙකට කඳුළු එනවා ජේසුගේ ආදරය, රැකවරණය ඔබේ හදවතට දැනිලා. මේ දේවල් කිව්වට, ලිව්වට වැඩක් නැ, ඔබ හදවතින්ම මේ අත්දැකීම විදින්න......
Thursday, October 10, 2013
සිත හැරී මා එන තුරා ඔබ බලා සිටියා
සිත හැරී මා එන තුරා ඔබ බලා සිටියා.......
සිත හැරී මා එන තුරා ඔබ බලා සිටියා
පියාණෙනි මා අසරණයි අසරණයි අසරණයි
වන්න අනුකම්පා //
සතුට සම්පත සොය සොයා එහිම වැනසිලා
එකම සම්පත ඔබම පමණයි මා වටහා ගත්තා
පියාණෙනි මා අසරණයි අසරණයි අසරණයි
වන්න අනුකම්පා //
නෙතට කඳුලැලි මතුවුනේ කුසට ගිනි දැනිලා
පියාණන් මගේ සිතට නැගුනේ දිලෙන්දෙක් වූ දා
පියාණෙනි මා අසරණයි අසරණයි අසරණයි
වන්න අනුකම්පා //
මගුල් බොදුනක් සැරසිලා කීම අරුම නොදැනේ
පියාණෙනි ඔබ හැර දමාලා යලිත් යන්නේ නැ
පියාණෙනි මා අසරණයි අසරණයි අසරණයි
වන්න අනුකම්පා //
අපි ජෙසුව අමතක කරලා ගියාට ජේසු අපි එනතුරු බලා සිටිනවා.එක මම කියන දෙයක් නෙමේ,ලුක් සුවිෂේශයේ 15:11-32 කියවා බලන්න, එතකොට ඔබටම වැටහෙයි ජේසුගේ ආදරය ගැන, මේ ගීතිකාව ඔබේ ඇස දෙක වහගෙන අහන ගමන් මෙනෙහි කරන්න.හිතට පුදුම සහනයක් ඇතුලාන්ත ප්‍රීතියක් ඔබටත් දැනෙයි.......
ජේසුස් වහන්සේ ඔබව සුව කරන සේක.....
"පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කල සේක...." ( ලුක් 18:42 )
ජේසුස් වහන්සේ රෝගීන් සුව කලා, මලඋන් නැගිට්ටෙව්වා කියල අපි හැමෝම දන්නවා, උන්වහන්සේ බොහෝ ප්‍රාතිහාර්ය කල කියලට් අපි දන්නවා, එත් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඇයි අද ජේසුට බැරි අපේ ජිවත වල ප්‍රාතිහාර්ය කරන්න, අපි කොච්චර ලෙඩ දුක් නිසා පීඩා විදිනවද, ජේසුට යාච්ඤා කරනවා, හැම පල්ලියකටම යනවා, බාර වෙනවා, ගෙදර ඔරසන් කියනවා, එත් කිසිම සහනයක් නැ. වෙලාවකට ජෙසුව අපිට එපා වෙනවා, උන්වහන්සේට අපිව අමතක වෙලා, අපි කොච්චර කෑ ගහල අඬා වැලපිලා ඔරසන් කිව්වත් ජේසුට අපිව ඇහෙන්නෙන නැ. ඇයි මෙහෙම වෙන්නේ කියල පොඩ්ඩක් හොයල බැලුවද?
ජේසු කියනවා ඔබේ ඇදහිල්ල ඔබ සුව කල සේක කියල... මොකද්ද එතකොට ඇදහිල්ල, අපි පල්ලි යනවා, බාර වෙනවා, ගෙදර ඔරසන් කියනවා, එතකොට එක නෙමේද ඇදහිල්ල.
මේ ඇදහිල්ල කියන දෙය තවමත් අපි හරි හැටි හඳුනාගෙන නැ, මේ සුව වීමේ ඇදහිල්ල අපේ හිත ඇතුළෙන්ම උපදින්න ඕන දෙයක්, ජේසු එදා අන්ද මිනිසාව සුවපත් කලේ ඔහුගේම ඇදහිල්ල තිබුන නිසා, ජේසු කිව්වේ ඔබේ ඇදහිල්ල ඔබව සුව කල කියලයි. දයාබර සොහොයුරා පොඩ්ඩක් හිතල බලන්න අපි තුල සියට 50ක් පමණ ඇදහිල්ල තියෙනවා වගේම සියට 50ක් සැකයත් තියෙනවා ජේසු මව හොඳ කරයිද කියල, අපි තුල සියට සීයක්ම ඇදහිල්ල තියෙනවනම් ජේසු අපිව සුව කරනවා, ජේසු අපෙන් ඉල්ලන්නේ පරිපුර්ණ ඇදහිල්ලක්, ඔබ කවුරු උනත් මොන තත්වෙක හිටයත් ඔබේ ඇදහිල්ල පරිපුර්ණ ඇදහිල්ලක් නම් ඔබ සුව වෙනවා, ඇස දෙක වහගෙන පොඩ්ඩක් හිතල බලන්න ජේසු කියන මේ පිපුර්ණ ඇදහිල්ල ඔබ තුල තිබෙනවද කියල, ඔබට මතකද ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදපු කතාව, ඒ කතාව ශුද්දවු මතෙව් පොතේ 14 : 22-33 දක්වා ලස්සනට විස්තර කරලා තියෙනවා, ඔබත් පොඩ්ඩක් ඒ කතාව කියවල බලන්න.
"ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබලවී, " ඒ අවතාරයකයි කියමින්, බියෙන් මොරගැසුහ, එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කතා කොට, ධෛරවත් වන්න, මේ මමය; බිය නොවන්න යි වදාල සේක. පේදුරු උත්තර දෙමින් , " ස්වාමිනි, ඔය ඔබ වහන්සේනම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කල මැනවයි කීය, "එන්නැයි උන්වහන්සේ වදාල සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. එහෙත් ඔහු මාරුතය වේගවත් බව දැක, බියවී ගිලෙන්න පටන් ගෙන, ස්වාමිනි, මා බේරා ගත මැනවයි මොරගැසිය. ජේසුස් වහන්සේ වහාම අත දිගු කොට ඔහු අල්ලාගෙන , ඔබේ ඇදහිල්ල කොතරම් හීනද? සැක කලේ මන්දැයි විචාල සේක.
පේදුරු, ජේසුස් වහන්සේගේ කොච්චර විශ්වාසවන්ත ගෝලය උනත් සැකය හ අවිස්වාසය නිසා පෙදුරුව මහා මුහුදේ ගිලෙන්න ගියා, කොච්ච්ච්ර පල්ලි ගියත්, පැය ගණන් දනගහගෙන ඔරසන් කිව්වත් වැඩක්නැ අපි ළඟ සැකයෙන් තොර ඇදහිල්ලක් නැත්තම්, එහෙනම් අපි පරණ පුරුදු ක්‍රම අත් හැරලා ජේසුගේ ආදරය දිය අලුතින් බලමු, අද ඉඳල පරිපුර්ණ ඇදහිල්ලෙන් ජෙසුව විස්වාශ කරලා බලන්න, ඇත්තටම ඔබව සුව වෙනවා විතරක් නෙමේ, ඔබ අනිත් අයගේ ජිවිතත් සුව කරනවා,
ඔබට පුලුවනන් ඔබේ අදහස්, ඔබේ අත්දැකීම් අනිත් අය සමග බෙදා ගන්න, ඔබේ පරිපුර්ණ ඇදහිල්ල තුල ඔබට ගැලවීම, සුවය ලැබුන සැටි අන් අය සමග බෙදා ගන්න. ලියන්න අපේ බ්ලොග් පිටුවට....... ඔබට ජේසු පිහිටයි
Wednesday, October 9, 2013
ජීවමාන ජේසු අප සමග සිටින සේක....
දුර රටක ඔබ තනිවී සිටින විට, කිසිදු පිළිසරණක් නොමැතිව අසරණවී සිටින විට කතාකලද ජේසුට ඔබ?
අපිට අපේ අසරණ කම තේරෙන්න අපි තනි වෙන්න ඕනේ, කාත් කවුරුවත් නොමැතිව දුර රටක තනි වෙලා ඉන්නකොට තමයි අපි අසරනයි කියල දැනෙන්නේ, එත් ඒ දුක හිත ඇතුලෙම තද කරගෙන තනියම අඩනවා, ලෙඩක් හැදුනාමත් තනියම ඒ වේදනාව දරාගෙන විදනවා, එක වචන වලින් කිව්වට තේරෙන්නේනේ නෑ, ඒ අත්දැකීම විඳලම බලන්න ඕනේ. ඒ වගේ අසරණ වෙලා ඉන්න අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් ජීවමාන ජේසුගේ ආදරය බෙදාගන්න ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරපු බ්ලොග් අඩවියකි මේ.
Subscribe to:
Posts (Atom)