Thursday, October 10, 2013

ජේසුස් වහන්සේ ඔබව සුව කරන සේක.....

"පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කල සේක...." ( ලුක් 18:42 )



ජේසුස් වහන්සේ රෝගීන් සුව කලා, මලඋන් නැගිට්ටෙව්වා කියල අපි හැමෝම දන්නවා, උන්වහන්සේ බොහෝ ප්‍රාතිහාර්ය කල කියලට් අපි දන්නවා, එත් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඇයි අද ජේසුට බැරි අපේ ජිවත වල ප්‍රාතිහාර්ය කරන්න, අපි කොච්චර ලෙඩ දුක් නිසා පීඩා විදිනවද, ජේසුට යාච්ඤා කරනවා, හැම පල්ලියකටම යනවා, බාර වෙනවා, ගෙදර ඔරසන් කියනවා, එත් කිසිම සහනයක් නැ. වෙලාවකට ජෙසුව අපිට එපා වෙනවා, උන්වහන්සේට අපිව අමතක වෙලා, අපි කොච්චර කෑ ගහල අඬා වැලපිලා ඔරසන් කිව්වත් ජේසුට අපිව ඇහෙන්නෙන නැ. ඇයි මෙහෙම වෙන්නේ කියල පොඩ්ඩක් හොයල බැලුවද?
ජේසු  කියනවා ඔබේ ඇදහිල්ල ඔබ සුව කල සේක කියල... මොකද්ද එතකොට ඇදහිල්ල, අපි පල්ලි යනවා, බාර වෙනවා, ගෙදර ඔරසන් කියනවා, එතකොට එක නෙමේද ඇදහිල්ල.
                                මේ ඇදහිල්ල කියන දෙය තවමත් අපි හරි හැටි හඳුනාගෙන නැ, මේ සුව වීමේ ඇදහිල්ල අපේ හිත ඇතුළෙන්ම උපදින්න ඕන දෙයක්, ජේසු එදා අන්ද මිනිසාව සුවපත් කලේ ඔහුගේම ඇදහිල්ල තිබුන නිසා, ජේසු කිව්වේ ඔබේ ඇදහිල්ල ඔබව සුව කල කියලයි. දයාබර සොහොයුරා පොඩ්ඩක් හිතල බලන්න අපි  තුල සියට 50ක් පමණ ඇදහිල්ල තියෙනවා වගේම සියට 50ක් සැකයත් තියෙනවා ජේසු මව හොඳ කරයිද කියල, අපි තුල  සියට සීයක්ම ඇදහිල්ල තියෙනවනම් ජේසු අපිව සුව කරනවා, ජේසු අපෙන් ඉල්ලන්නේ පරිපුර්ණ ඇදහිල්ලක්, ඔබ කවුරු උනත් මොන තත්වෙක හිටයත් ඔබේ ඇදහිල්ල පරිපුර්ණ ඇදහිල්ලක් නම් ඔබ සුව වෙනවා, ඇස දෙක වහගෙන පොඩ්ඩක් හිතල බලන්න ජේසු කියන මේ පිපුර්ණ ඇදහිල්ල ඔබ තුල තිබෙනවද කියල,  ඔබට මතකද ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදපු කතාව, ඒ කතාව ශුද්දවු මතෙව් පොතේ 14 : 22-33 දක්වා ලස්සනට විස්තර කරලා තියෙනවා, ඔබත් පොඩ්ඩක් ඒ කතාව කියවල බලන්න.
                                         

"ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබලවී, " ඒ අවතාරයකයි කියමින්, බියෙන් මොරගැසුහ, එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කතා කොට, ධෛරවත් වන්න, මේ මමය; බිය නොවන්න යි වදාල සේක. පේදුරු උත්තර දෙමින් , " ස්වාමිනි, ඔය ඔබ වහන්සේනම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කල මැනවයි කීය, "එන්නැයි උන්වහන්සේ වදාල සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. එහෙත් ඔහු මාරුතය වේගවත් බව දැක, බියවී ගිලෙන්න පටන් ගෙන, ස්වාමිනි, මා බේරා ගත මැනවයි මොරගැසිය. ජේසුස් වහන්සේ වහාම අත දිගු කොට ඔහු අල්ලාගෙන , ඔබේ ඇදහිල්ල කොතරම් හීනද? සැක කලේ මන්දැයි විචාල සේක.  

පේදුරු, ජේසුස් වහන්සේගේ කොච්චර විශ්වාසවන්ත ගෝලය උනත් සැකය හ අවිස්වාසය නිසා පෙදුරුව මහා මුහුදේ ගිලෙන්න ගියා, කොච්ච්ච්ර පල්ලි ගියත්, පැය ගණන් දනගහගෙන ඔරසන් කිව්වත් වැඩක්නැ අපි ළඟ සැකයෙන් තොර ඇදහිල්ලක් නැත්තම්, එහෙනම් අපි පරණ පුරුදු ක්‍රම අත් හැරලා ජේසුගේ ආදරය දිය අලුතින් බලමු, අද ඉඳල පරිපුර්ණ ඇදහිල්ලෙන් ජෙසුව විස්වාශ කරලා බලන්න, ඇත්තටම ඔබව සුව වෙනවා විතරක් නෙමේ, ඔබ අනිත් අයගේ ජිවිතත් සුව කරනවා,



ඔබට පුලුවනන් ඔබේ අදහස්, ඔබේ අත්දැකීම් අනිත් අය සමග බෙදා ගන්න, ඔබේ පරිපුර්ණ ඇදහිල්ල තුල ඔබට ගැලවීම, සුවය ලැබුන සැටි අන් අය සමග බෙදා ගන්න. ලියන්න අපේ බ්ලොග් පිටුවට....... ඔබට ජේසු පිහිටයි 









No comments:

Post a Comment