Saturday, October 12, 2013

ලේ කිරි කරලා මට පෙව් අම්මා........


 

දෙමාපියන්ට අපි ගොඩක් ආදරෙයි කියල දැනෙන්නේ මොන අවස්ථාවේද? මම කියන්නම් හරියටම උත්තරය, අපි අපේ අම්මටයි, තාත්තටයි ආදරෙයි කියල දැනෙන්නේ එයාල අපේ ජිවිත වලින් ඇත්තට ගියාම, දුර රටක ඉන්න කෙනෙක්ට අම්මා උයන බත් පතේ වටිනාකම කියල නිම කරන්න බැරි තරම්, ඒ වෙලාවට හිත ඇතුලෙන් අපි ගොඩක් අඩනවා නේද? අම්මගේ වටිනාකම තේරුම් යන්න එයාල අපේ ජිවිත වලින් අත් වෙලා යනකන් ඉන්න එපා, එහෙම උනොත් අපිට ජිවිත කාලෙම එයාල ගැන මතක් වෙන වාරයක් පාසා ඇඩෙනවා කියන එක පරම සත්තයක්.



ඔබට තවමත් බැරි උනානම්, ඔබේ අම්මටයි, තාත්තටයි අඩුම තරමේ වචනයකින්වත් හිතට සහනයක් දෙන්න, ඔබ ප්‍රමාද නැ, දැන්ම ඔබේ අම්මට කෝල් එකක් හරි දීල අම්මේ ඔය හොදින්ද කියලවත් අහන්න, බලන්න ඔබේ අම්මා කොච්චර සතුටු වෙයිද කියල, හරියට රටක් රාජ්ජයක් ලැබුන වගේ අම්මා සතුටු වෙයි. අම්මල, තාත්තලාගේ වටිනාකම තේරෙන්න, දැනෙන්න අපිත් කවදාහරි ඒ තත්වෙට පත්වෙන්න ඕනේ, එදාට ඔබට දැනෙයි මගේ අම්මා තාත්තාත් මේ වගේ මන් වෙනුවෙන් කොච්චර විදවන්න ඇතිද කියල. පරක්කු නැ දැන්ම අම්මා තාත්තාට ආදරේ කරන්න, ඔවුන් ගැන හිතන්න පටන් ගන්න...........



No comments:

Post a Comment