Friday, October 11, 2013

ඔබ මා අසලින් සිටින නිසා


ඔබ මා අසලින් සිටින නිසා
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි //


සමිදුනේ ඔබ මා - බලකොටුව වේ //
සමිදුනේ ඔබ මා - පර්වතය වේ //
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි //


සමිදුනේ ඔබ මා - ගැලවීම වේ //
සමිදුනේ ඔබ මා - රැකවරණ වේ //
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි //


ඔබ තනි වෙලා, අසරණවෙලා ඉන්න වෙලාවක මේ ගීතිකාව හිතින් මුමුනන්න, නැත්තම් කෑ ගහල කියන්න, ඔබට හිතට පිරුණු බවක් දැනෙයි, ජේසු ළඟ ඉන්නවා වගේ දැනෙයි. ප්‍රශ්න, දුක්, කම්කටොළු ආපු  වෙලාවට බලි තොවිල්, හදි හූනියම් කරන්න ඕනේ නැ, අපිට ජේසු ඉන්නවා, ඒ විශ්වාසය මත ඉන්න, ජේසු අපිව දල යන්නේ නැ කවදාවත්, ඔබ දුර රටක අම්මා, තාත්තා කවුරුවත් නැතිව තනි වෙලා ඉන්න වෙලාවට මේ ගීතිකාව කියල ජේසුට කතා කරන්න, ඔබේ ඇස දෙකට කඳුළු එනවා ජේසුගේ ආදරය, රැකවරණය ඔබේ හදවතට දැනිලා. මේ දේවල් කිව්වට, ලිව්වට වැඩක් නැ, ඔබ හදවතින්ම මේ අත්දැකීම විදින්න......




   ජේසුනි ඔබ මාගේ රැකවරණයයි , මගේ පර්වතයයි, මාගේ බලකොටුවයි..............


No comments:

Post a Comment